ගිය මැච් එකේ අපිට හොදටම ගහපු මොමිනුල් පුදුම විදියට දුවද්දි දැවි ගියේ මෙහෙමයි ලකුනක් වත් ගන්න බැරි වුනානේ බලන්නකො විඩියොව video
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය ප‍්‍රථම ඉනිම ක‍්‍රිඩා කරන බංගලාදේශ කණ්ඩායම කඩුලු 04ක් දැවී ලකුණු 56ක් ලබා සිටියේයඒ අනුව බංගලාදේශ කණ්ඩායම ශ‍්‍රී ලංකා පළමු ඉනිමට වඩා කඩුලු 06ක් අතැතිව තවත් ලකුණු 166ක් පිටුපසින් සිටියිලිතන් දාස් ලකුණු 24ක් හා මෙහෙදි හසන් මිරාස් ලකුණු 05ක් ලබා නොදැවී කඩුල්ලේ රැුදී සිටියිපළමු පන්දුවාරයෙන් ක‍්‍රියාත්මක වුණු සුරංගලක්මාල් බංගලාදේශ ඉනිමේ තුන්වැනි පන්දුවෙන් ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් දවාගැනිමට සමත් වූ අතර තමිමට අද දිනයේ ලබා ගත හැකි වුයේ ලකුණු 03ක් පමනි.
එය සුරංග ලක්මාල්ගේ 100 වැනි ටෙස්ට් කඩුල්ල ලෙස වාර්තා පොත් අතරට එක්වූ අතර ශ‍්‍රී ලංකා ටේස්ට් ක‍්‍රිකට් ඉතිහාසයේ කඩුලු 100ක්ලබාගත්සිව්වැනි වේගපන්දු යවන්නා ලෙසද සුරංග වාර්තා අතරට එක්විය.චමින්ද වාස් ලසිත් මාලිංග හා ඩිල්හාර ප‍්‍රනාන්දු ටෙස්ට් කඩුලු 100ක් ලබාගත් අනෙක් වේග පන්දු යවන්නන් වෙයි.
පළමු තරගයේ ඉනිම් දෙකේදිම විශිෂ්ට පිතිහරඹයක් දියත් කළ මොමිනුල් හක් දුර්වල කඩුලු අතර දිවයාම හේතුවෙන් ලකුණු නොලබාම දැවී ගියේයඉන් අනතුරුව පිිටියට පිවිසි මුෂ්ෆිකර් රහීම් ලකුණු ලබාගැනිමට පෙරම ලබා දුන් පහසු උඩපන්දුව දික්වැල්ල අතින් ගිලිහී ගියත් යළි ක‍්‍රියාත්මක වු සුරංග ලක්මාල් එක් ලකුණක් ලබා සිටි රහීම් දවා ගැනීමට සමත් විය.පළමු දිනයට තරගය නතර කිරීමට පන්දුවාර 02ක් තිබියදී ක‍්‍රියාත්මක වු දිල්රුවන් පෙරේරා ලකුනු 19ක් ලබා සිටි ආරම්භක පිතරු ඉම්රුල්යිස්වගැනීමට සමත්විය.
පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සිය ප‍්‍රථම ඉනිම සදහා සියලු දෙනා දැවී ලකුණු 222ක් රැස් කිරිමට සමත් වියහුදකලා සටනක් දියත් කරමින් සුපිරි ඉනිමක් ක‍්‍රිඩා කළ රොෂේන් සිල්වා අවසන් කඩුල්ල ලෙස පිටියෙන් ඉවත් වන විට සිය ටෙස්ට් දිවියේ දෙවැනි අර්ධ ශතකය රැස් කරගනිමින් ලකුණු 56ක් ලබා සිටියේය.පන්දු 124කට මුහුණ දෙමින් ස්ථාවර ඉනිමක් ක‍්‍රිඩා කළ රොෂේන් ගේ ඉනිම එක් හයේ පහරකින් හා හතරේ පහර 03කින් හැඩ විය.
පළමු පෙළ වසර ගණනාවක්ම පිතිකරුවන් අතර පෙරමුණේ සිටි රෝෂේන් ජාතික කණ්ඩායම පැමිණි පසු ඉනිම් 04කදී එක් ශතකයක් හා අර්ධ ශතක 02ක් රැස් කරගැනීමට සමත් වී ඇතහයේ පහරකින් සිය 5 වැනි ටෙස්ට් අර්ධ ශතකය සම්පූර්ණ කළ කුසල් මෙන්ඩිස්ට දිවා ආහාරයෙන් අනතරුව වැඩි වේලාවක්කඩුල්ලේරැදීසිටීමට අවස්ථාව නොලැබිණ අබ්දුර් රසාක්ගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙන් දැවීයන විය ඔහු සිය ඉනිම හතරේ පහර 10 කින් සරසා තිබිණ.
වසර 4 කට ආසන්න කාලයකට පසු බංග්ලාදේශ කණ්ඩායමට ඇතුළත්ව සිටින වමතින් දඟ පන්දු යවන ක්‍රීඩක අබ්දුර් රසාක දිවා ආහාරයට පෙර බිඳවැටුණ කඩුලු 4 න් 3 කටම හිමිකම් කීමට සමත් විය පන්දුවකට ඉදිරියට පැන පහරක් ගැසීමට තැත්කළ අවස්ථාවේදී දිමුත් කරුණාරත්න ලකුණු 3 කට දැවී ගියේ කඩුලු රකින ක්‍රීඩක ලිටන් දාස්ගේ ස්ටම්ප් කිරීමකට හසුවෙමිනි.
ඉන් නොනැවතුන රසාක්, පිට පිට පන්දු 2 කදී ධනුෂ්ක ගුණතිලක සහ දිනේෂ් චන්දිමාල් පිටියෙන් ඉවත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම අසීරු තත්ත්වයට ඇද මුවේය මුහුණදුන් පළමු පන්දුවම කඩුල්ලේ දැවටීම නිසා චන්මාල්ට ලකුණු නොළබාම පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූ අතර මුෂ්ෆිකුර් රහීම් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට ධනුෂ්කලබා සිටියේ ලකුණු 13 ක් පමණිපළමු ටෙස්ට් තරගයේදී අගනා ශතකයක් (173) ලබාගත් ධනංජය ද සිල්වාට මෙම තරගයේදී වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටිමට තයිජුල් ඉස්ලාම් ඉඩක් ලබා නොදුන් අතර හයේ පහරක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 19 ක් ලබා සිටියදී සබීර් රෙහෙමාන් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම වෙනස්කම් 2 ක් සමගින් මෙම තරගයට සහභාගි වන අතර එහිදී ලක්ෂාන් සඳකැන් සහ ළහිරු කුමාර වෙනුවෙට ධනුෂ්ක ගුණතිලක සහ අකිල ධනංජය කණ්ඩායමට එක්ව සිටිති.මෙය අකිල ධනංජයගේමංගල ටෙස්ට් තරගය වන අතර මේ දක්වා එක්දින තරග 19 කට සහ විස්සයි20 තරග 9 කට සහභාගිවීඇතිඔහු එහිදී පිළිවෙලින් කඩුලු 21 ක් සහ 7 ක් බැගින් දවාගෙන තිබේ.

Comments
Post a Comment