ක‍්‍රීඩකයින් මෙන්ම විචාරකයින් පවා මවිත කල විනිසුරුවන්ගේ අරුම පුදුම තීන්දුව මෙන්න(VIDEO)
සංචාරක ඉන්දියානු කණ්ඩායම හා දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර පැවැති දෙවැනි එක්දින තරගයෙන් කඩුලු 09ක විිශිෂ්ට ජයක්හි මිකරගැනිමට ඉන්දියානු කණ්ඩායම ඊයේ සමත් වියජයග‍්‍රහණය සදහා ලකුණු 119ක පහසු ඉලක්කයක් හඹා ගිය ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 20.3ක් තුළදී එක් කඩුල්ලක් පමණක් දැවී තිබියදී සිය ජයග‍්‍රාහී ඉලක්කය සපුරා ගත්හ.
ශිකර් ධවාන් නොදැවී ලකුණු 51ක් හා නායක විරාත් කෝලි නොදැවි ලකුණු 46ක් ලබාගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණයරැුගෙන ගියහඉන්දියානු කණ්ඩායමේ ඇරයුමෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් අප‍්‍රිකානු කණ්ඩායම සියලු දෙනා දැවී ලබාගත හැකි වුයේලකුණු 118ක් පමණි.
එය අප‍්‍රිකාවේදී අප‍්‍රිකානු කණ්ඩායම ලබාගත් අඩුම එක්දන ලකුණු ලෙසද වාර්තා අතරට එක්විය පන්දු යැවීමේදී යුෂ්වෙන්ද්‍ර චහාල් කඩුලු 5ක්දදඟපන්දු යවන ක්‍රීඩක කුල්දීප් යාදව් කඩුලු 3ක්ද බිඳ හෙලීමට සමත් වියකෙසේ වෙතත්ඊයේ තරඟයේදී වූ සුවිශේෂි සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට කතා බහක් මතුව තිබෙනවාමීටහේතුව ඇත්තේඉන්දියානු කණ්ඩායමට ජය පෙනෙන මානයේදී පිටියේ විනිසුරුවන් විසින් දිවා අහාරය සඳහා තරඟය නතර කිරීමයි.
ඒ මොහොතේ ඉන්දියානු කණ්ඩායම පන්දුවාර 19කදී ලකුණු 117ක් ලබා සිටි අතර ජයග්‍රහණය සඳහා ඔවුනට අවශ්‍ය වූයේ ලකුණු 2ක් පමණයි කෙසේ වෙතත් ඒ මොහොතේ දිවා අහාරය ලබාගැනීමට විනිසුරුවන් තීරණය කළ අතර ඔවුන්ගේ මෙම තීරණය ක්‍රිකට් විචාරකයින් ක්‍රීඩකයින් ඇතුළු බොහෝ දෙනෙකුගේ විවේඡනයට ලක් විය.
හරිම හාස්‍යජනකයි මට මෙය විශ්වාස කරන්නත් බෑයැයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් වාචරක මයික් හේස්මන් පවසා තිබුණා ඉන්දියානු හිටපු සුපිරි පිතිකරුවෙකු වන සුනිල් ගවසකාර් පවසා තිබුනේ මෙය සිතා ගැනීමට නොහැකි අවස්ථාවක් බවයි තවත්න්දු ඕවරයක් යැව්වා කියා .
කිසිවෙකු පැමිණිලි නොකරන බවද ඔහු පවසා තිබුණිකෙසේ වෙතත් දිවා අහාරයෙන් පසු විනාඩි 40පසු නැවත තරඟය ආරම්භකළඅතරජයග්‍රාහී ලකුණ වාර්තා කරමින් නායක කෝලි ඉන්දියානු කණ්ඩායම ජය්‍රගහණය වෙත රැගෙන ගිය අතර කෙසේ නමුත් ඒ අවස්ථාව වන විට බොහෝ ප්‍රෙක්ෂකයන් ක්‍රීඩා පිටියෙන් ඉවත් වීතිබුණි.

Comments
Post a Comment