අද උදෙන්ම බංගලි පිතිකරුවන් අන්ත අසරන කලේ මෙහෙමයි අකිලගේ මංගල තරගයේ සුපිරි කඩුලු ටිකත් මෙන්න video
ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර ඩකාහි ශ්‍රේ බංග්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනයේ දිවා ආහාරයට පෙර බංගලාදේශ පළමු ඉනිම ලකුණු 110කට සීම කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහඒ අනූව ශ‍්‍රී ලංකා කණ්ඩායම බංගලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු112ක් ඉදිරියෙන් සිටියි.
හුදකලා ඉනිමක් ක‍්‍රීඩා කළ මෙහෙදි හසන් මිරාස් එක් අන්තයක නොදැවී ක‍්‍රිඩා කරමින් ලකුණු 38ක් රැුස් කිරීමට සමත්වියඊයේ දිනයේ කඩුලු 04ක් දැවී ලකුණු 56ක් ලබා සිටි බංගාදේශ කණ්ඩායම අද දිනයේ පළමු භාගය තුළ තවත් ලකුණු 54 ක් එක්කරද්දී ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් කඩුලු 06ක් දවා ගැනීමට සමත්වියඊයේ දිනයේ අවසන් භාගයේ හොදින් පන්දුවට පහරදුන් ලිටන් දාස් හට අද දිනයේ ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණි.සුරංග ලක්මාල්ගේ පන්දුවක් පිත්තේ ඇතුළත දාරයේ වැදී කඩුල්ලේ දැවටීමෙන් ලිතන්ගේ ඉනිම නිමාවට පත්විය.
අනතුරුව පිටියට පිවිසි නායක මහමදුල්ලා මෙහෙදි හසන් සමග එක්වෙමින් 07 වැනි කඩුල්ලට සදහා ලකුණු 34ක් එක් කළ අතර අකිලගේ මංගල කඩුල්ල ලෙස මහමදුල්ලා දැවී යාමත් සමග එම සම්බන්ධතාවය බිද වැටුණිඅනතුරුව යළි ක‍්‍රියාත්මක වූ අකිල බංගලාදේශ පිතිකරුවන් මවිත කල පන්දු යැවීමක නිරත වූ අතර සබ්බීර් හා අබ්දුල් රසාක් දවාගනිමින් බංගලාදේශ කණ්ඩායම අසරණ තත්වයකට ඇද දැමුවේයපන්දු යැවීමේදී සිය මංගල තරගයට ක‍්‍රීඩා කළ අකිල ධනංජය ලකුණු 20කට කඩුලු 03ක් ද සුරංග ලක්මාල් ලකුණු 25කට කඩුලු 03ක්ද බිද හෙළිමට සමත් වූ අතර දිල්රුවන් පෙරේරා කඩුලු 02ක් දවා ගැනීමට සමත් විය.

Comments
Post a Comment