ලොව පලමු අයිස් ක‍්‍රිකට් තරගාවලියේ පලමු තරගයේ මාලිංග ප‍්‍රහාරයකට ලක්වෙද්දී මහේල හා ඩිල්‍ෂාන් පිත්තෙන් ගැහුවේ මෙහෙමයි බලන්නකො අමුතුයි නේ video

Palace Diamonds කණ්ඩායම හා Royals කණ්ඩායම අතර ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන තරග දෙකකින් යුත් අයිස් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයෙන් ඩුලු 06ක විශිෂ්ට ජයක් හිමිකර ගැනීමට Royals කණ්ඩායම සමත්වියජයග‍්‍රහණය සදහා ලකුණු 165ක ඉලක්කයක් හඹා ගිය Royals පිළ පන්දුවාර 15.2කදී ඩුලු04ක්පමණක්දැවීතිබියදී ජයග‍්‍රහණය තහවුරු කර ගත්හ.

එහිදී විශිෂ්ට පිතිහරඹයක නිරත වූ ඔවිශ් ෂා පන්දු 34කදී හයේ පහර 07ක් හා හතරේ පහර 05ක් සමගින් නොදැවි ලකුණු 74ක් රැස් කරගනිමින් සිය කණ්ඩායම ජයග‍්‍රහණය කරා රැගෙන ගියේයජැක් කලිස් හයේ පහර 02ක් හා හතරේ පහර 04ක් සමගින් ලකුණු 36ක් රැස්කළේයපන්දු යැවීමේදී Ramesh Powar ලකුණු 24කට කඩුලු 02ක් දවා ගත් අතර ලසිත් මාලිංග ලකුණු 39කට එක් කඩුල්ලක් දවා ගත්තේය.

කාසිය වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් Palace Diamonds කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 09කට ලකුණු 164ක් ලබා ගත්හඑහිදී නායක විරෙන්ද‍්‍ර ශෙවාග් හයේ පහර 05ක් හා හතරේ පහර 04ක් සමගින් පන්දු 31කදී වේගවත් ලකුණු 62ක් රැස් කරද්දී ඇන්ඩ‍්‍ර සයිමන්ස් එක් හයේ පහරක් හා හතරේ පහර 03ක් සමගින් ලකුණු 40ක් රැස් කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක‍්‍රිඩක මහේල ජයවර්ධන හා තිලකරත්න ඩිල්ෂාන් ක‍්‍රිඩා කළ අතර ඔවුන් දෙදෙනාට ලබාගත් හැකි වුයේපිළිවෙළින් ලකුණු 7ක් හා 8ක් පමණිපන්දු යැවීමේදී අබ්දුල් රසාක් ලකුණු 18කට කඩුලු 04ක් දවා ගැනීමට සමත් වූ අතර ෂහීබ් අක්තාර් කඩුලු 02ක් දවා ගත්හ.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි