‘ ධනංජය අයිය ගොඩක් උදව් වුනා..ඒගොල්ලෝ ලෙග් එකට තමා ඒ වෙලාවේ ඇට්ටෑක් කලේ’..කරන්න ගිය වැරදි වැඩේ ධනංජය නවත්තපු හැටි කුසල් හෙළිකරයි(VIDEO)

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට අනාගතය ගැන බය වෙන්න අවශ්‍යතාවයක් නෑ කියල කලින් පාර චන්දික හතුරුසිංහ බංගලාදේශය එක්ක ලංකාවටආපුවෙලාවේකිව්වේ ධනංජය ද සිල්වයි කුසල් මෙන්ඩිසුයි දෙන්න ගැනත් විශේෂයෙන් මතක් කරන ගමන්දැන් මේ දෙපලගේ ප්‍රධාන පුහුණුකරුවා බවට චන්දික පත්වී ඇති අතර චන්දික එදා පුහුණු කල බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රතිවාදීන් බවට පත්වී ඇත.

ශ්‍රී ලංකාව සහ බංගලාදේශය අතර ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේ ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් විශිෂ්ට ඉනිම් දෙකක් ක්‍රීඩා කිරීමට කුසල් මෙන්ඩිස් සහ ධනංජය සිල්වා දේපල සමත් වූ අතර ධනංජය ලකුණු 174 ක් ලබා ගනිද්දී කුසල් ලකුණු 196 ක් ලබා ගැනීමට සමත් විය.

තරඟයෙන් අනතුරුව මාද්‍ය වෙත අදහස් දැක්වූ ධනංජය පවසා තිබුනේ ලකුණු 200 ලබා ගැනීමට නොහැකි වීම ගැන දුක් වන බවයඇත්තටම පොඩි දුකක් තියනවා ලකුණු 200 ට යන්න බැරි වුන එක ගැන.හැබැයි එත් එක්කම සතුටුයි මගේ වැඩිම ලකුණු ප්‍රමාණයට යන්න පුළුවන් වුනා,ඉදිරියේදී තියන තරඟ ලකුණු 200 ක් ගන්න බලාපොරොත්තු වෙනවා.අපි දෙන්නට ඕන වුනේ තවත් ලකුණු ටිකක් කණ්ඩායමට එකතු කරන්නසම්භන්දතාවය තව දුරට ඇදගෙන යන්න තිබුනානම් හොඳයි,ඒත් කරන්න දෙයක් නෑ,අපි කල දේ ගැන සතුටු වෙනවා.

තමාගේ ඉනිම ගැන සතුටු වන බවත් ධනංජය පිටිය මැදදී උදව් කල බවත් කුසල් මෙන්ඩිස් තම ඉනිම අවසානයේ පවසා ඇත මම කණ්ඩායමෙන් කැපිල ඉඳල තමයි ආවේ,ඉතින් මට ලකුණු අතරට එන්න ධනංජය අයිය ගොඩක් උදව් වුනා,එයා තමයි කිව්වේ මගේ පා ඉන්න පැත්තේ කට්ටිය දාල ස්වීප් එක ගස්සවන්න සැලසුමක් තියනවා අහු වෙන්න එපා කියල,ඒ වගේම අපි දෙන්න පිටිය මැද ගොඩක් කථා කළා.ධනංජය අයිය එක්ක මම කලින් සෙල්ලම් කරලා තියනවා,ගොඩක් ලේසියි ඇත්තටම ඒ වගේ කෙනෙක් අනිත් පැත්තේ ඉන්න එක ගැන.

ද්විත්ව ශතකය අහිමි වීම ගැනද කුසල් මෙහිදී තම අදහස් ප්‍රකාශ කර ඇත.”බංගලාදේශයටම ඇවිල්ල ඔවුන්ට එරෙහිව ලකුණු 196ක් ගත්ත එක සතුටුයි,මට ගොඩක් අය කිව්වා අපරාදේ 196 කට එන එක ලේසි නෑ,ද්විත්ව ශතකයට යන්න තිබුනානම් හොඳයි කියල,මේ ඉතින් මම සෙල්ලම් කරන විදිය.ඉදිරියේත් මේ විදියට සෙල්ලම් කරලා 200 ක් ලබාගන්න තමයි මගේ අරමුණ තියෙන්නේ.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි