O/L කප් ගහලා A/Lත් කප් ගහලා ලකුණු 191ක් ගසා ලෝක කුසලානය හෙල්ලු හසිතගේ කතාව මෙන්න VIDEO

වයස අවුරුදු 19න් පහල ලෝක කුසලානය පසුගිය දින නවසීලන්තයේදී පැවැත්විණි එහිදි වැඩිපුරම අවදානයට ලක්වූ ක්‍රීඩකයා ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවෙකි ලෝක කුසලානයේදී ලකුණු 191ක වාර්තාගත පිතිහරඹයක නිරතව ශ්‍රී ලංකාවට පලිහ ශූරතාවය ලබා දුන් ඔහු හසිත බෝයගොඩමහනුවර ත්‍රිත්ව විදුහල නියෝජනයෙන් ක්‍රිකට් දක්ෂතා ඔප්නංවාගත් හසිත මෙවර 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වඩාත්ම අවධානයට ලක්වූ ක්‍රීඩකයා වියශ්‍රී ලංකා පිල පලඟ ශූරතාවට යන ගමනේ පැවති මුල්ම තරගයේදී කෙන්යාවට එරෙහිව ලකුණු 191 ක් ලබා ලෝක වාර්තාවකට හිමිකම් කියන්නට හසිත සමත් වූයේය.

එලෙස පැමිණි හසිත පුවත්පතක් සමග සංවාදයකට එක්ව අදහස් දක්වා තිබුනේ මෙලෙසය කෙන්යානු තරගයේ මගේ ඉනිම ගැන කතා කළොත් ඇත්තටම මට තියෙන්නේ ලොකු සතුටක් මොකද ඒක මගේ ජීවිතේ වැඩිම ලකුණු ලබපු ඉනිම වුණා නමුත් මම කවදාවත් වාර්තාවකට යන්න හිතාගෙන සෙල්ලම් කළේ නෑලකුණු 150 ලැබුවට පස්සේ මම පිටියට පණිවුඩයක් ආවා ලකුණු 180න් එහාට යන්න උත්සාහ කරන්න කියලා මොකද ඊට දින හයකට පෙර ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ජාකොබ් බූලා ලකුණු 180ක් අරගෙන වාර්තාවක් තියලා තිබුණාමම පරෙස්සමින් ක්‍රීඩා කරලා ලකුණු 191ක් දක්වා ගියා ඒ නිසාම තරගයේ වීරයා සම්මානයත් මට ලැබුණා.

ඒ විතරක් නොවෙයි පලග ශූරතා අවසන් තරගයේ බටහිර ඉන්දීය කොදෙව් පිලට එරෙහිව ලකුණු 116ක් ලබා ලෝක ශූරතාවයක ශතක දෙකක් ලැබූ ශ්‍රී ලංකා පිතිකරුවකු බවට පත්වුණා ලෝක වාර්තාවට අමතරව හසිත ඊට නොදවෛනි තවත් වාර්තාවක් පිහිටුවා සදහන් ඒ අධ්‍යාපන අංශයෙනි සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ 9ක විශිෂ්ට ප්‍රතිඵලයක් හසිත වාර්තා කර ඇති අතරඔහුගේ උසස් පෙළ ප්‍රතිඵලය ද ඊට නොදවෛනිය එනම් උසස් පෙළ වාණිජ අංශයෙන් පසුගියදා ඒ සම්මාන තුනක් ලබා මහනුවර දිස්ත්‍රික්කයේ දෙවැනියා වීමටත්, දිවයිනේ 62 වැනියා වීමටත් හසිත සමත්වී ඇත.

ක්‍රිකට් ගැහුවට මම කිසිම වෙලාවක ‍පොත්පත්වල වැඩ මගහැරියේ නෑක්‍රිකට් තරගවලට යද්දිත් මම ‍පොත් අරං ගිහින් පිට්ටනියේ ඉඳගෙන පාඩම් කළා මම හිතන්නේ පාසල්වල ක්‍රීඩාවේ නියැළෙන හැමෝම එහෙම වෙනවා නම් හොඳයි කියලයි” හසිතගේ දෙමාපියෝ විශේෂඥ වෛද්‍යවරුය පේරාදෙණිය රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය සුපිපි බෝයගොඩ හා මාවනැල්ල රෝහ‍ලේ කායික රෝග විශේෂඥ සංජයබෝයගොඩ හසිතගේ ආදරබර දෙමාපියෝය ඉඩ ලද හැම විටෙකම හසිත ක්‍රීඩා කරන තරග නරඹන්නට යාමට වෛද්‍ය සංජය පියවර ගනී.

ඔහුද පාසල් සමයේදී මහනුවර ධර්මරාජයේ ක්‍රිකට් ක්‍රීඩකයකුව සිටියේය මාව මේ තැනට ගෙන ආපු දෙමාපියන්ටත් මගේ පවු‍ලේ අයටත් ගොඩක් ස්තුතියි කියන්න ඕන ඒ වගේම මගේ මුල්ම පුහුණුකරු හැරල්ඩ් රණසිංහ සර්ගේ ඉඳලා ලසිත් රන්දුණු, සම්පත් පෙරේරා, දැනට ඉන්න කාවින්ද ජයසූරිය, නිලූෂ ජලීල් පුහුණුකරුවන් වගේම ජාතික පි‍ලේ රෝයි ඩයස්, චමින්ද වාස්, උපුල් චන්දන, අජිත් ඒකනායක, පුහුණුකරුවන්ටත් මම කෘතවේදීත්වය පළකළ යුතුයි.

Comments

Popular posts from this blog

දැන් පැවත්වෙන හොංකොං t20 තරගයේ අපේ සංගාගෙන් ආයෙත් සුපීරි නායකත්ව ඉනිමක් බලන්නකො ගහන ගැහිල්ල VIDEO

කෝලි වේදනාවෙන්.. විදුලි වේගයෙන් ආ පන්දුව බඩේ විදියි - ඊළඟ පන්දුවේදී නොසිතූ දෙයක්.. ප්‍රේක්ෂකයනුත් මවිත කරමින් කෝලි රබඩාගෙන් පළිය ගත් හැටි (VIDEO)

වසන්ත නුඹ නිදිද බංගලියො උදෙන්ම ලංකාවේ හොදම කඩුලු ටික ගලවැව්වේ මෙහෙමයි බලන්නකො මෝඩ විදියට කඩුලු පුජා කරන විදිය වසන්ත නුඹ නිදිද VIDEO චන්දිමාල් 0 යි